සොබාදහමේ හොඳම දායාදය
කුමාරිකා නිශ්පාදන ලොව පුරා දහස් ගනනක් පාරිභෝගියන්ගේ විශ්වාසය දිනාගෙන ඇත. අදවන විට කුමාරිකා නිෂ්පාදන මාලදිවයින, ලෙබනනය, බංග්ලාදේශය, බ්‍රසීලය, නවසීලන්තය, සැමිබියාව, මැලේසියාව, පාකිස්ථානය, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග සහ ඉන්දියාවේ බටහිර බෙංගාලයටද අපනයනය කෙරේ.
දෙහි
කොහොඹ
උළුහාල්
පොල්තෙල්
ඔබ වෙනුවෙන් වූ නිෂ්පාදන
සොබාදහමේ හොඳම සාරයෙන් සමන්විත ස්වාභාවික හා පෝෂණීය කේෂාරක්ෂක නිෂ්පාදන පෙළක්.
පුවත්
අපගේ නවතම පුවත් සහ වැඩසටහන්
සෑම කාන්තාවකටම ඇයගේ නිදහස සැමරීමට සහ බැබලෙන්නට අයිතියක් තිබිය යුතු බව අපගේ විශ්වාසයයි.
කුමාරිකා සොබා රුවැත්ති යනු කුමාරිකා ජංගම රූපලාවන්යාගාරයයි. හිස කෙස් සත්කාර සඳහා අවශ්‍ය දෑ වලින් සමන්විත රථය
මට වඩාත් ගැලපෙන හොඳම දේ කුමක්ද?
දැන් ඔබේ හිස කෙස් සඳහා හොඳම නිෂ්පාදන තෝරා ගත හැකිියි. හිසකෙස් ගැලවීයාමේ බලපෑම් සිතා ගැමටවත් නොහැකි දෙයක්. මෙම වීඩියෝව නැරඹීමෙන් සහ අපගේ මාර්ගෝපදේශයන් අනුගමනය කිරීමෙන් ඉහළ, ගුණාත්මක කෘත්‍රීම කෙස් කලඹක් ලබාදීමේ අපගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඔබ අපට සහායවේ.
කුමාරිකා උපදෙස්
ඔබේ කෙස් කලඹ පෝෂණය කරමින් හා ආරක්ෂා කරගනිමින් එහි දිදුලන පෙනුම රැකගැනීමට ඔබට උපකාරවන උපදෙස්.
ඔබේ හිසකෙස් සඳහා නිසි පරිදි තෙල් ආලේප කරන්න - ෂැම්පු කිරීමට පෙර තෙල් ආලේප කිරීම සහ සම්බාහනය කිරීම වැනි ප්‍රතිකාර මගින් හිස්කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කරයි, ඔබේ මාංශ පේශි ලිහිල් කරයි, දීප්තිය වැඩි කරයි සහ හිසකෙස් පෝෂණය කරයි.
නිවැරදිව කන්ඩිෂනර් කරන්න - කන්ඩිෂනර් ඔබේ හිසකෙස් පාරිසරික හානි වලින් සහ තාපයෙන් ආරක්ෂා කරයි
ඔබේ හිසකෙස් ස්වභාවිකව වියළා ගන්න ඔබේ හිසකෙස් ස්වාභාවිකව වියළීමට ඉඩහරින්න. අධික තාපය ඔබේ හිසකෙස් වලට හානි කළ හැකි බැවින් එය අත්‍යාවශ්‍ය අවස්ථාවලට පමණක් සීමා කරන්න.
පුළුල් දැති සහිත පනාවක් භාවිතා කරන්න - ඔබේ හිසකෙස් පීරීම සඳහා පුළුල් දැති සහිත පනාවක් භාවිතා කරන්න. එවැනි පනාවක් ඔබේ හිසකෙස් වලට හානි වීම වළක්වයි.
හිසකෙස් වැඩිපුර පීරීමෙන් වළකින්න - අධික ලෙස හිසකෙස් පීරීම යහපත් සෞඛ්‍ය පුරුද්දක් නොවේ. එමගින් දුර්වල හිසකෙස් බිඳී, කෙස් අග පැළීමට හේතු වන අතර එයින් ඔබේ කෙස් කලඹට හානි සිදුවිය හැක.
ඔබ ලබාගන්නා ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන්න - සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ඔබේ හිසකෙස් වල සෞඛ්‍ය සම්පන්න බවට හානි කරයි. ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ලබාගන්න. එය නිරෝගී කෙස් කළඹකට අවශ්‍ය කෙරටින් සෑදීම ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.
ඔබේ හිසකෙස් පරිත්‍යාග කරන්න
හිසකෙස් ගැලවී යාමේ විනාශකාරී ප්‍රතිවිපාක අත්විඳින දරුවන් සහ තරුණ තරුණියන් සමඟ ඔබේ හිසකෙස් බෙදා ගැනීමට ලැබීම ඔබට අදහාගත නොහැකි දෙයක් වනු ඇති. මෙම වීඩියෝව නැරඹීමෙන් සහ අපගේ මාර්ගෝපදේශයන් අනුගමනය කිරීමෙන් ඉහළ, ගුණාත්මක කෘත්‍රීම කෙස් කලඹක් ලබාදීමේ අපගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඔබ අපට සහායවේ.
ක්ෂේත්රයේ විශේෂඥයින්ගෙන්
ඔබේ හිසකෙස් සම්බන්ධව
ඕනෑම දෙයක්
විමසන්න!
අප ගැන
සුන්දර, නිරෝගී, දිදුලන කෙස් කලඹක් ලබාදෙමින් නූතන කාන්තාවගේ සියලුම හිසකෙස් පෝෂණ අවශ්‍යතාවයන් සපුරාලන හෙයා ඔයිල්, ෂැම්පු, කන්ඩිෂනර් සහ හෙයා සීරම් ඇතුළු පෝෂණ සත්කාරයන් රැසක් දැන් අපෙන්.