හිස්සොරි වලින් මිදෙන්න – නිවසේදීම ඔබට ලබාගත හැකි ප්‍රතිකාර කිහිපයක්

වියළි සම, නිවැරදිව ෂැම්පූ භාවිතා නොකිරීම, බැක්ටීරියා සහ දිලීර හිස්කබලේ වර්ධනය වීම, සමේ රෝග සහ මානසික ආතතිය වැනි නොයෙකුත් හේතූන් නිසා ඔබට හිස්සොරි ඇති වෙන්න පුළුවන්.

ඔබත් ජීවිතයේ කවදහරි හිස්සොරි ප්‍රශ්නයට මුහුණ දෙන්න ඇති. මෙම හිස්සොරි ප්‍රශ්ණය සාමාන්‍යයෙන් ඇසීමට ලැබියහැකි ප්‍රශ්ණයක් නිසා හිස්සොරි වලින් මිදෙන්න ඔබත් හිස්සොරි පාලනය කළ හැකි පහත දැක්වෙන ක්‍රම පිළිබඳව සැළකිලිමත් වන්න.

හැකි තරම් ජලය පානය කරන්න.

ජලය හැකිතරම් පානය කිරීම ඔබේ හිසකෙස් වල පෝෂණයට අත්‍යවශ්‍ය දෙයක්. නිසි පමණින් ඔබේ ශරීරයට ජලය නොලැබුණොත්, හිස් කබල සහ සම වියළි ස්වභාවයක් ගන්න පුළුවන්. මේ තත්ත්වය නිසා ඔබට හිස්සොරි ඇති වීමේ අවදානම වැඩියි. ශරීරයේ සහ සමේ තෙතමනය ආරක්ෂා කරගන්න, හැකි පමණින් ජලය පානය කරන්න.

සුදුළුණු හෙයාර් මාස්ක් එකක් භාවිතා කරන්න.

පොඩි කර අඹරා ගත් සුදුළුණු, හිස්සොරි පාලනය කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. එහි ඇති ඇලිසින් නැමැති ප්‍රතිරෝධකය ඔබේ හිස්කබලේ හිස්සොරි ඇතිවීමෙන් වළක්වනවා. ඔබට නිවසේදීම සුදුළුණු හෙයාර් මාස්ක් එකක් පිළියෙල කරගන්න පුළුවන්. සුදුළුණු බික් 5ක් හෝ 6ක් පමණ හොඳින් පොඩි කර අඹරා මී පැණි සමඟ මිශ්‍ර කර ගන්න. මෙම මිශ්‍රණය හිස් කබලේ ආලේප කර විනාඩි 10ක් පමණ කාලයක් තබන්න. ඉන්පසු ජලයෙන් සෝදා, ෂැම්පූ කරගන්න.

ඇපල් සයිඩර් විනාකිරි

හිස්සොරි ඇති කරන දිලීර පාලනය කරන්න පුළුවන් තවත් ස්වභාවික ප්‍රතිකර්මයක් තමයි මේ. ඇපල් සයිඩර් විනාකිරි හිස්කබලේ තෙතමනය සමතුලිතව පවත්වාගන්නවා විතරක් නෙමෙයි යීස්ට් වර්ධනය වීමෙන්ද වළක්වා ගන්නවා. ඇපල් සයිඩර් විනාකිරි සහ ජලය සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කරගෙන හිස්කබලේ ආලේප කර මසාජ් කරන්න. හිස තුවායකින් පොරවගෙන විනාඩි කිහිපයක් පමණ සිටින්න. ඉන්පසු ස්නානය කරන්න. මෙය සතියක් හෝ දෙකක් පාවිච්චි කර වෙනස හඳුනා ගන්න.

කෝමාරිකා හිස්සොරි නිසා ඇතිවන කැසීම් වලින් ඔබව මුදවාලයි

හිස්සොරිත් සමඟම එන ප්‍රශ්නයක් තමා නොඉවසිය හැකි කැසීම. කූමාරිකා වලට ඔබගේ හිස්කබලේ වියලි ස්වභාවය දුරු කර හිස්සොරි නිසා හටගන්නා අපහසුකාරි කසන ගතිය සාර්ථක ලෙස පාලන කරන්න පුළුවන්. කෝමාරිකාවල ඇති ස්වාභාවික තන්තු ඔබේ හිස්කබලේ ඇති සෛල ශක්තිමත් කරන අතර නිරෝගීවත් හිස්සොරි වලින් තොරවත් නව සෛලවල වර්ධනය උත්තේජනය කරයි. ඔබත් හිස්කබලේ කැසීම් වලින් තොරවෙන්න නම් ෂැම්පූ කිරීමට පෙර කෝමාරිකා හිස්කබලේ ආලේප කරන්න.

හිස්සොරි පාලනය කරන Kumarika Dandruff Control Hair Oil. භාවිතා කරන්න

100% ස්වභාවික සාරයෙන් නිෂ්පාදනය කර ඇති කුමාරිකා හිස්සොරි පාලනය කරන හිස්තෙල් ඔබගේ හිස්සොරි වලට කදිම ප්‍රතිකාරයක්. දෙහි සහ උළු හාල් වල සාරයෙන් පිරිපුන් වන නිසා ඔබගේ හිසකෙස් පෝෂණය වෙනවා විතරක් නෙවෙයි හිස්කබලේ පවතින වියළි ස්වභාවයද මර්දනය වෙනවා.