මංගල දිනයට සුදානම් වන මනාලියක් තම කෙස් කලඹට නොකළ යුතු දේවල්.

ඔබ අප විසින් මීට පෙර පළ කරන ලද “මංගල දිනයේදි හිසකෙස් අලංකරණය කිරීමේදි ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතු දේවල්” ලිපිය කියවා ඇතැයි අපි සිතමු.

මංගල දිනයට කියන්නේ මනාලියක් වීමට සූදානම්ව සිටින තරුණියකගේ ජීවිතයේ සුවිශේෂි දවසක්. එදිනට මනාලියක් තම කෙස් කලඹ සකසා ගැනීමේදි “නොකළ” යුතු දේවල් කිහිපයක් අපි ඔබ වෙත ගෙන එන්නෙමු.

 

1. ඔබ හිස කෙස් කපන්නට හෝ වෙනත් සාමාන්‍ය සත්කාර කිරීමට නිතරම යන රූපලාවන්‍ය ශිල්පියා වෙනුවට වෙනත් විකල්ප තෝරා ගන්න.

ඔබ නිතරම යන රූපලාවන්‍ය ශිලිපියා/ශිල්පිනිය trim එකක් හෝ conditioner සත්කාරයක් සඳහා හොඳ විය හැකි නමුත් මංගල දිනයේ ඔබට වඩාත්ම ගැලපෙන කොණ්ඩා විලාසිතාව හඳුනා ගැනීමට පිළිගත්, ප්‍රවීණයෙකු වෙත පිවිසීම නුවණට හුරුයි.

2. ඔබේ සිතුම් පැතුම්, විලාසිතා වල රුචීන් සහ අරුචීන් සඟවාගෙන සිටින්න එපා.

මංගල දිනයට පෙර, ඔබ රූපලාවන්‍ය ශිල්පියා/ශිල්පිනිය මුණ ගැසීමේදි තමා එදිනට අපේක්ෂා කරන විලාසිතාවන්, ඔබේ රුචීන් සහ අරුචීන් ගැන ඔහු/ඇය සමඟ කෙලින් කතා කරන්න. ඔබේ සිතුම් පැතුම් වලට සරිලන විලාසිතාවන්හි ඡායාරූප ඇතොත් ඒවාද පෙන්වන්න.

3. ඔබගේ හිස කෙස් වල පෙනුම හෝ වර්ණය සම්පූර්ණයෙන් වෙනස් නොකරන්න.

මංගල දිනයේදි ඔබ සම්පූර්ණයෙන් වෙනස් පෙනුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, ඒ පිළිබඳ දෙවරක් සිතන්න. ඔබේ මංගල දිනයේ හෙයාර් ස්ටයිල් එක කවදා හෝ ඡයාරූපයකින් දකින විට ඔබ අසතුටු නොවන්නට නම් හෙයාර් ස්ටයිල් එක සඳහා යොදාගන්නා හෙයාර් කලර්ස් පිළිබඳව සැළකිලිමත් වන්න.

4. මංගල දිනයේදි හිසකෙස් සේදීම නුවණට හුරු නැත.

මංගල දිනයේ උදෑසන හිස කෙස් සේදීම නුවණට හුරු නොවේ. ඔබ හිස කෙස් සඳහා කරනු ලබන විලාසිතාවන් වලට මෙය යම් දුරකට බලපා හැකියි. විවාහ මංගල්‍යයට පෙර දින කෙස් කලඹ සෝදා සුදානම් කරගන්න. මේ සඳහා ඔබට කුමාරිකා shampoo හා conditioner වර්ගයක් භාවිතා කළ හැකියි.