අකීකරු ගැට කොණ්ඩයකින් ගැලවෙන්න.

ඔබට ඇත්තේ නඩත්තු කිරීමට අපහසු, අකීකරු ගැට සහිත කොණ්ඩයක්ද? ඒ සඳහා විසඳුම් කිහිපයක් අප ඔබ වෙත ගෙන එනවා.

1. බිත්තර

බිත්තර යනු ප්‍රෝටීන් වලින් අණූන ආහාරයක්. හිස කෙස් වල පෝෂණය සඳහා ඔබට බිත්තර මිශ්‍ර සත්කාරයක් නිවසේදීම පිළියෙල කරගන්න පුලුවන්. එක් බිත්තරයක්, මද වශයෙන් උණු ජලය සමඟ බීට් කරගන්න. මෙම මිශ්‍රණය හිසේ ආලේප කර හොඳින් සම්බාහනය කර ටික වේලාවකින් ජලයෙන් සෝදා හරින්න. ෂැම්පූ වෙනුවට කෙස් කළඹට අවශ්‍ය තෙතමනය සහ ආරක්ෂාව ලබා දෙන Kumarika Soft & Shine conditioner එකක් භාවිතා කරන්න.

2. නිතරම Blow Dryer එක භාවිතා කිරීමෙන් වළකින්න

නිතරම හිස කෙස් වියළීමෙන් ඔබේ හිස් කබලේ තැන්පත් ස්වභාවික තෙල්වර්ග උරා ගැනීමෙන් ඔබේ හිසකෙස්වලට වියළි ස්වාභාවයක් ගෙනදෙයි. තවද හිස කෙස් කැඩීමේ අවදානමක් ඇතිවේ. ඔබට ස්වාභාවිකවම බොකුටු කොණ්ඩයක් නම් තිබෙන්නේ ඔබේ කොණ්ඩෙ වියළි බව නිසා අප්‍රාණික විය හැකිය. එම නිසා Blow Dryer එක නිතරම පාවිච්චි කිරීමේදී සැළකිලිමත් වන්න.

3. කෙස්වල ගැට ලිහන්න, නිතරම Brush කරන්න

Brush එකකින් කෙස් පීරන්නැති විට කොණ්ඩයක් බොකුටු ගැසීමේ හැකියාව වැඩියි. ඔබේ හිස් කබලේ තැන්පත් ස්වභාවික තෙල් වර්ග කෙස් අතරට පැතිර යාමෙන් හිස කෙස් වලට අවශ්‍ය තෙතමනය ලබා දෙන්නට brush එකකින් කෙස් කලඹ පීරන්නට පුරුදු වන්න.

4. නිවසින් පිටතට යනවිට කුඩයක් ගෙන යන්න

පරිසරයේ ඇති කුණු දුවිලි හා අව් රශ්මිය නිසා ඔබේ හිස කෙස්වල වියළි බවක් ඇති කරයි. තවද, හිස කෙස්වල ගැට ගැසීම් වැඩිකර කොණ්ඩේ පෙනුම අවම කරයි. මේ නිසා නිතරම නිවසින් පිටතට යනවිට හිස කෙස් ආරක්ෂා කිරීමට, හිස් වැස්මක් හෝ කුඩයක් ගෙනියන්න.

5. Kumarika Moisturizing & Frizz free Hair Serum වලින් ඔබේ කෙස් කලඹට නව ජීවයක් ලබා දෙන්න

හිසකෙස් ගැටගැසීමෙන් හා වියළි බවින් ආරක්ෂාව ලබා දෙන Jojoba Oil සහ හිස කෙස්වලට පෝෂණය සහ තෙතමනය ලබා දෙන Lavender Oil වල සංයෝගයකින් සමන්විත Kumarika Moisturizing & Frizz free Hair Serum ඔබගේ අකීකරු, ගැට කොණ්ඩයට කදිම විසඳුමකි.